සංවත්සර පත්‍රය

ශ්‍රීමත් ශාලි වාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1946 වැන්නෙන් මතු විෂ්ණු විංශතියට අයත් විශ්ව දේව යුග පංචාබිදයෙහි තෙවන ඉඩාවත්සර භේද නාමධාරී “චන්ද්‍ර” දේවතාධිපති “ක්‍රෝධි” සංවත්සර වනාහි මීන රවි 31 භාග වූ බක් මස පුර සැටවක තිථිය ලත් ශනි දින මධ්‍යම උදයාදී පැය 37 විනාඩි 17ට හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2024 වැන්නෙහි අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපර භාග 09:05ට කුජ හිමි වෘශ්චික ලග්නය, ගුරු හිමි මීන දෙර්කාණයෙන් කිවි හිමි තුලා නවාංශකයෙන්, ගුරු හිමි මීන ද්ව දශාංශකයෙන් හා බුධ හිමි කන්‍යා ද්ව දශාංශකයෙන් හා ශනි හිමි කුම්භ ත්‍රිංශාංශකයෙන් ද මුවසිරස නැකතේ සිව්වන පාදයෙන්ද ශෝභන යෝගයෙන්ද, කෞලව කරණයෙන්ද, ගුරු හෝරාවේ ගුරු පංචම කාලයෙන් ද ශනි සුක්ෂමයෙන්ද සම්භව හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිද්ධ වනු ලැබේ.

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 10 වන සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

Popup Image

පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

Popup Image

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

Popup Image

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 02:41 සිට 14 වන ඉරිදා අලුයම 03:29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 02:41ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 09:05 සිට 14 වන ඉරිදා අලුයම 03:29 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

Popup Image

ආහාර පිසීම

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11:06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

Popup Image

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12:06ට හෙවත් අප්‍රේල් 14 ඉරිදා එළිවෙන පාන්දර 00:06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

Popup Image

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වැනි සදුදා පූර්වභාග 10:17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

Popup Image

රැකිරක්‍ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වැනි බදාදා පූර්වභාග 06:52ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

Popup Image

පැළ සිටුවීම

අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10:16ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

Popup Image

සැ.යු :- ඉහත සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ‍්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි. මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප‍්‍රදේශවලට නොවෙනස්ව භාවිතා කළ හැකිය.

දින දර්ශනය

රජයේ බැංකු හා පෝය නිවාඩු

  • ජනවාරි 15 සඳුදා
    • තෛයිපොංගල් දිනය *+#
  • ජනවාරි 25 බ්‍රහස්පතින්දා
    • දුරුතු පුර පසළොස්වක පෝය දිනය *+#
  • පෙබරවාරි 04 ඉරිදා
      • ජාතික නිදහස් දිනය *+#
  • පෙබරවාරි 23 සිකුරාදා
    • නවම් පුර පසළොස්වක පෝය දිනය *+#
  • මාර්තු 08 සිකුරාදා
    • මහ සිව රාත්‍රී දිනය *+
  • මාර්තු 24 ඉරිදා
    • මැදින් පුර පසළොස්වක පෝය දිනය *+#
  • මාර්තු 29 සිකුරාදා
    • මහ සිකුරාදා දිනය *+
  • අප්‍රේල් 11 බ්‍රහස්පතින්දා
    • රාමසාන් දිනය *+
  • අප්‍රේල් 12 සිකුරාදා
    • සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය *+#
  • අප්‍රේල් 13 සෙනසුරාදා
    • සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය *+#
  • අප්‍රේල් 23 අඟහරුවාදා
    • බක් පුර පසළොස්වක පෝය දිනය *+#
  • මැයි 01 බදාදා
    • ලෝක කම්කරු දිනය *+#
  • මැයි 23 බ්‍රහස්පතින්දා
    • වෙසක් පුර පසළොස්වක පෝය දිනය *+#
  • මැයි 24 සිකුරාදා
    • වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය *+#
  • ජූනි 17 සඳුදා
    • හජ්ජි උත්සව දිනය *+
  • ජූනි 21 සිකුරාදා
    • පොසොන් පුර පසළොස්වක පෝය දිනය *+#
  • ජූලි 20 සෙනසුරාදා
    • ඇසළ පුර පසළොස්වක පෝය දිනය *+#
  • අගෝස්තු 19 සඳුදා
    • නිකිණි පුර පසළොස්වක පෝය දිනය *+#
  • සැප්තැම්බර් 16 සඳුදා
    • නබි නායකතුමාගේ උපන් දිනය *+#
  • සැප්තැම්බර් 17 අඟහරුවාදා
    • බිනර පුර පසළොස්වක පෝය දිනය *+#
  • ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා
    • වප් පුර පසළොස්වක පෝය දිනය *+#
  • ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා
    • දීපවාලි උත්සව දිනය *+
  • නොවැම්බර් 15 සිකුරාදා
    • ඉල් පුර පසළොස්වක පෝය දිනය *+#
  • දෙසැම්බර් 14 සෙනසුරාදා
    • උඳුවප් පුර පසළොස්වක පෝය දිනය *+#
  • දෙසැම්බර් 25 බදාදා
    • නත්තල් උත්සව දිනය *+#

* රජයේ නිවාඩු දින + බැංකු නිවාඩු දින # වෙළද නිවාඩු

depositphotos_58210957-stock-photo-margosa-or-neem-tree-isolated-removebg-preview

කොහොඹ ගසින් - ස්වදේශී කොහොඹ

  1. ස්වාභාවික ‘කොහොඹ තෙල්’ ගුණයෙන් අනූන කොහොඹ සබන් සොබා ගුණ සත්කාරය ලබා දෙයි.
  2. කොහොඹ ගසින් උපන් සාරයෙන් නිපදවන නිසා ස්වාභාවික ශාකසාරය සහිතයි.
  3. චිරාත් කාලයක සිට පැවතෙන විශ්වාසනීය ඖෂධයක පාරම්පරික සත්කාරයකි.
  4. කොහොඹ, සමට ඖෂධීය සත්කාර රාශියක් ලබා දෙන දිව ඔසුවකි.
  5. තෙල් සහිත, වියලි හෝ සාමාන්‍ය යන ඕනෑම සමක් විසබීජවලින් ආරක්ෂා කරයි.
  6. කොහොඹ සෑම වෛද්‍ය ක්‍රමයකදීම සිසිල් ගුණයෙන් අනූන ප්‍රමුඛතම ඖෂධයකි.
  7. කොහොඹ ස්වාභාවික ඖෂධීය ශාකසාරය නීරෝගි සහ පැහැපත් සමක් ලබා දෙයි.

රාහු කාලය

ඉරිදා | 04.30 – 06.00 දක්වා

සඳුදා | 07.30 – 09.00 දක්වා

අඟහරුවාදා | 03.00 – 04.30 දක්වා

බදාදා | 12.00 – 01.30 දක්වා

බ්‍රහස්පතින්දා | 1.30 – 03.00 දක්වා

සිකුරාදා | 10.30 – 12.00 දක්වා

සෙනසුරාදා | 09.00 – 10.30 දක්වා

Popup Image

සුබ මුහුර්ත

Popup Image

කන් විදීම

ජනවාරි 25 බ්‍රහස්පතින්දා උදේ 10:37ට උතුර බලා, මාර්තු 06 බදාදා උදේ 09:23ට උතුර බලා, අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා උදේ 10:08ට නැගෙනහිර බලා, ජුනි 26 බදාදා උදේ 09:48ට උතුර බලා, අගෝස්තු 28 බදාදා උදේ 09:10ට දකුණ බලා, නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා උදේ 11:21ට නැගෙනහිර බලා, දෙසැම්බර් 02 සඳුදා උදේ 11:02ට නැගෙනහිර බලා.

බත් කැවීම​

පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා උදේ 10:10ට උතුර බලා, මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09:2ට නැගෙනහිර බලා, අප්‍රේල් 05 සිකුරාදා උදේ 08:35ට උතුර බලා, මැයි 23 බ්‍රහස්පතින්දා උදේ 11:30ට උතුර බලා, ජුලි 17 බදාදා උදේ 07:57ට උතුර බලා, නොවැම්බර් 06 බදාදා උදේ 07:52ට උතුර බලා, දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා උදේ 09:15ට උතුර බලා.

අකුරු කියවීමට

ජනවාරි 01 සඳුදා උදේ 11:21ට නැගෙනහිර බලා, පෙබරවාරි 07 බදාදා උදේ 09:28ට උතුර බලා, මාර්තු 06 බදාදා උදේ 09:23ට උතුර බලා, ජුනි 19 බදාදා උදේ 07:25ට උතුර බලා, අගෝස්තු 28 බදාදා උදේ 09:10ට දකුණ බලා, සැප්තැම්බර් 30 සඳුදා උදේ 11:38ට නැගෙනහිර බලා, දෙසැම්බර් 13 සිකුරාදා උදේ 10:10ට නැගෙනහිර බලා.

හිසකේ කැපීම

පෙබරවාරි 07 බදාදා උදේ 09:28ට උතුර බලා, මාර්තු 06 බදාදා උදේ 09:23ට උතුර බලා, අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා උදේ 10:08ට නැගෙනහිර බලා, මැයි 23 බ්‍රහස්පතින්දා උදේ 11:30ට උතුර බලා, අගෝස්තු 28 බදාදා උදේ 09:10ට දකුණ බලා, දෙසැම්බර් 02 සඳුදා උදේ 11:02ට නැගෙනහිර බලා.

විවාහයට​

පෙබරවාරි 07 බදාදා උදේ 09:28ට උතුර බලා, මාර්තු 06 බදාදා උදේ 09:23ට උතුර බලා, අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා උදේ 10:08ට නැගෙනහිර බලා, සැප්තැම්බර් 30 සඳුදා උදේ 11:38ට නැගෙනහිර බලා, ඔක්තෝම්බර් 03 බ්‍රහස්පතින්දා උදේ 11:25ට නැගෙනහිර බලා, නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා උදේ 11:21ට නැගෙනහිර බලා.

වෙළෙඳාමට

ජනවාරි 01 සඳුදා උදේ 11:21ට නැගෙනහිර බලා, මාර්තු 01 සිකුරාදා උදේ 10:25ට දකුණ බලා, ජුනි 07 සිකුරාදා උදේ 06:06ට දකුණ බලා, ජුලි 12 සිකුරාදා උදේ 06:12ට දකුණ බලා, සැප්තැම්බර් 30 සඳුදා උදේ 11:38ට නැගෙනහිර බලා, දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා උදේ 09:15ට උතුර බලා.

ගෙවල් සෑදීමට

ජනවාරි 03 බදාදා උදේ 07:47ට දකුණ බලා, පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා උදේ 10:10ට උතුර බලා, මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09:22ට නැගෙනහිර බලා, ජුනි 07 සිකුරාදා උදේ 06:06ට දකුණ බලා, සැප්තැම්බර් 18 බදාදා උදේ 07:32ට උතුර බලා, දෙසැම්බර් 02 සඳුදා උදේ 11:02ට නැගෙනහිර බලා.

ගෙවදීමට

ජනවාරි 01 සඳුදා උදේ 11:21ට නැගෙනහිර බලා, මාර්තු 01 සිකුරාදා උදේ 10:25ට දකුණ බලා, මැයි 06 සඳුදා උදේ 11:08ට උතුර බලා, ජුනි 07 සිකුරාදා උදේ 06:06ට දකුණ බලා, සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා උදේ 06:06ට නැගෙනහිර බලා, නොවැම්බර් 04 සඳුදා උදේ 06:25ට උතුර බලා, දෙසැම්බර් 13 සිකුරාදා උදේ 10:10ට නැගෙනහිර බලා.

සියලු ගොවිතැන් වැඩට

ජනවාරි 15 සඳුදා උදේ 07:04ට උතුර බලා, මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09:22ට නැගෙනහිර බලා, අප්‍රේල් 05 සිකුරාදා උදේ 08:35ට උතුර බලා, ජුලි 08 සඳුදා උදේ 06:27ට උතුර බලා, නොවැම්බර් 04 සඳුදා උදේ 06:25ට උතුර බලා, දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා උදේ 09:15ට උතුර බලා.

මහණ කිරීමට

ජනවාරි 15 සඳුදා උදේ 07:04ට උතුර බලා, පෙබරවාරි 07 බදාදා උදේ 09:28ට උතුර බලා, මැයි 06 සඳුදා උදේ 11:08ට උතුර බලා, ජුනි 19 බදාදා උදේ 07:25ට උතුර බලා, ජුලි 19 සිකුරාදා උදේ 10:15ට උතුර බලා, අගෝස්තු 26 සඳුදා උදේ 06:30ට දකුණ බලා, දෙසැම්බර් 12 බ්‍රහස්පතින්දා උදේ 09:12ට නැගෙනහිර බලා.

© Copyright 2024 | ඉහත සියලුම නැකැත් විස්තර ඈපා ලිතෙන් උපුටා ගන්නා ලදී.